IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මොනරාගල දැව බලාගාරයකට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට

(විනීතා එම් ගමගේ)

මොනරාගල කුඹුක්කන ප‍්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වාගෙන යන ජෛව ඉන්ධන බලාගාරයකින් කුඹුක්කන් ඔයට මිශ‍්‍ර වූ ලී කුඩු හේතුවෙන් පරිසර විනාශයක් සිදුවී ඇතැයි දැනුම් දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මොනරාගල මහේස්ත‍්‍රාත්වරයා අදාල චීන සමාගමට නොතීසි නිකුත් කර ඇත.

කුඹුක්කන් ඔය අසබඩ ඇති මෙම බලාගාරයේ සිසිලන යන්ත‍්‍රවල ඇතිවූ කාන්දුවක් නිසා ගලාගිය ජලයට මුසු වූ ලී කුඩු ඔයේ ජලයට මුසුවීමෙන් මෙම  දූෂණය සිදුවී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.එස් රුක්ෂාන් මහතා අධිකරණයට කළ පැමිණිල්ලේ ස`දහන් වේ.

මේ වනවිට එම සමාගමේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාදීම නවතා ඇතැයි ද ඔහු අධිකරණයට දන්වා ඇත. 

මෙම බලාගාරය ගිනිසීරියා දැව පිලිස්සීමෙන් විදුලිය නිපදවීම සිදුකරන අතර දිනකට එම දැව ටොන් 150 ක් අවශ්‍ය බවත් එම දැව පිළිස්සීමට පෙර කුඩු බවට පත් කරන අතර එසේ කුඩුකර ගබඩා කර තිබූ ලී කුඩු සිසිලන යන්ත‍්‍රයක ඇතිවූ කාන්දුවකින් ගලා ගිය ජලය සමඟ කුඹක්කන් ඔයට මුසුවීම මෙම හානියට මුල් වූ බව ද හෙතෙම අධිකරණයට දන්වා ඇත.

එම දැවකුඩුවල ඇති කහට ගතිය හා තෙල් වැනි තත්ත්වය නිසා ඔයෙහි ජලයේ තට්ටුවක් ඇතිවී ඇති බවත් එම ජලය මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරීක්ෂා කළ බවත් විෂ සහිත තත්ත්වයක් නොමැති බව හෙලි වූ බවත් මේ සම්බන්ධව ලංකාදීපය කළ විමසීමක දී මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.එස් රුක්ෂාන් මහතා ලංකාදීපයට පැවැසීය.

එහෙත් ජලය පිරිසිදු  කරන තුරු එම ජලය භාවිතා නොකිරීමට ජලසම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙම චීන සමාගම එහි යම් යම් ඉදිකිරීම් කටයුතු තවත් චීන සමාගමකට භාර දී ඇතැයි ද එමගින් කළ අතපසුවීම් මෙම ප‍්‍රශ්නවලට හේතු වී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

ඔය දෑලේ සිට මීටර් 60 ක් දක්වා ප‍්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් සිදුනොකිරීමට නියෝග කර ඇතත් එහි ළිං හයක් ඉදිකර තිබු බව පෙන්වා දුන් රුක්ෂාන් මහතා එම ළීං සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ අරන්දෙන්නට මාසයක් කල් දුන් නමුත් එය සිදු නොකළ බවත් මෙවැනි ප‍්‍රශ්න නිසා එම ආයතනයට පරිසර බලපත‍්‍රය ලබා නොදීමට පියවර ගත් බවත් මේ වනවිට අධිකරණ  ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවත් කියා සිටියේය.

මෙම ජෛව ඉන්ධන බලාගාරයකින් කුඹුක්කන් ඔයට මිශ‍්‍ර වූ ලී කුඩු හේතුවෙන් මොනරාගල මඩුල්ල හා ඔක්කම්පිටිය ප‍්‍රදේශවල ජල සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

මේ හේතුවෙන් එම ප‍්‍රදේශවල  ජල පාරිභෝගික  පවුල් 10000 ක පුද්ගලයන් 50000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි පැවැසේ. මෙම අපද්‍රව්‍ය ඉවත්කර පොම්පාගාරය පිරිසිදු කිරීමෙන් පසුව ජලය ලබා දීමට දින කිහිපයක් ගතවනු ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලය දන්වා තිබේ.

 

 

 

              

 

 



අදහස් (1)

මොනරාගල දැව බලාගාරයකට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට

ලුම්බිණි Saturday, 03 August 2019 12:19 AM

මේ අගේ දේවල් වලට කවුද අනුමැතිය දුන්නේ. චීන්නු ගිය හැම රටක්ම විනාශ කරලා තමයි නවත්තන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site