හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
මසුන් මැරීම පිණිස තෙප්පමකින් මුහුදු ගිය ධීවර කාර්මිකයෙකු ඊයේ ( 11 දා ) රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයි.
අතරුදහන්ව ඇත්තේ හලාවත අඹකදවිල වැලිහේන ප්‍රදේශයේ විසු පහල කුට්ටිගේ බොනිපස් ගුණදාස ප්‍රනාන්දු (59) වන වියේ පසුවන දෙදරු පියෙකු බවත් කියයි.
අතුරුදහන්ව ඇති පුද්ගලයා ඊයේ (11දා) පස්වරු කුඩා තෙප්පමක නැග මාළු මැරීම පිණිස මුහුදු ගොස් තිබු අතර ඔහු පැය හතරක පමණ කාලයක් මසුන් මැරීමෙන් පසු ගොඩබිමට පැමිණිය යුතු වුවත් පුරුදු අයුරින් ගොඩට නො ආ බවත් පසුව වෙනත් යාත්‍රාවලින් මුහුදට ගොස් සෝදිසි කර බැලුවත් කිසිදු තොරතුරක් නොලද නිසා පොලිාසියට පැමිනිළි කර ඇති බවත් කියයි. අතුරුදහන් ධීවරයා සොයා පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ මෙවැනි ශෝකජනක පුවත් ඇසීමට ලැබීම අවාසනාවන්ත දෙයකි. අවම වශයෙන් මුහුදු යන ධීවරයින් ජීවිතාරක්ෂක කබා භාවිත කරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් අවම කරගත හැකියි.