(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙක් අද (16) මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි කළුතර පොලීසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේම පදිංචි චන්ද්‍රසිරි සිල්වා (59) විවාහක පුද්ගලයකි.
අතුරුදන් පුද්ගලයා වෙරළේ සිට මුහුද දෙසට ඇවිදගෙන යන අයුරු ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු දැක ඇති අතර එකවරම ඔහු මුහුදට වැටී අතුරුදන් වූ බව එම පුද්ගලයා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
සිද්ධිය දැනගත් වහාම කළුතර උතුර පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මුහුදක්නේ, වෙරලක් නැත්ද වෙරළේ සිට ගැඹුරට යනකොට මුහුද ගැඹුරු වෙනවා මිසක් එකවර මුහුද ගැඹුරු වෙන්නේ කොහොමද.?