IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මුස්ලිම් කඩවලට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                   

ඉකුත් 12 වැනිදා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන්ට අදාළ පැමිණිළි හතරක් වෙනුවෙන් කැඳවා තිබූ හඳුනාගැනීමේ පෙරට්ටු හතරකින් එකක් අද (27) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකරුවන් විසින් සැකකරුවන් වෙන්කර හඳුනාගෙන නොතිබිණ.

එහිදී විභාගයට නොගත් සෙසු පැමිණිළි 3 ක් වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු මේ  මස 30, 31 හා ජූනි මස 03 වැනිදා නැවත කැඳවන ලෙසත් සැකකරුවන් එම දිනයන්හිදීද ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය වැඩිදුරටත් නියම කළාය.

සැකකරුවන්ට එරෙහිව ගොණුකර තිබූ සියලුම නඩු 13 කින් හතරකට එසේ හඳුනාගැනීමේ පෙරෙට්ටු කැඳවා තිබූ අතර සෙසු නඩු නවයක් සඳහා සැකකරුවන් ජූනි මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබිණ.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගතව තිබුණේ ඉකුත් 12 වනදින මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට අලාභහානි සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 11 දෙනෙකි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී සමන් සිගේරා, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා යන මහත්වරු ඇතුලූ පිරිසක්ද, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අනුරසිරි දිසානායක, චන්දන යාපා, ශ්‍යාමලී ස්වර්ණමාලි යන මහත්ම මහත්මීහු පෙනීසිටියහ.

එමෙන්ම අධිකරණ භූමිය අවට මාර්ග බාධක යොදා දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද සළසා තිබිණ.



අදහස් (0)

මුස්ලිම් කඩවලට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 356 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site