(නිශාන්ත කුමාර)

බිබිල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙකු කන්දකැටිය ප්‍රදේශයේ දී අද (17) අත්අංඩගුවට ගත්බව බිබිල පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වියලුව කන්දකැටිය ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙකි.

රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා බිබිල හා ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන්  රැසකගෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමෙන් පසුව අතුරුදන්ව සිටින බවට අගතියට පත් පිරිස බිබිල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෙට (18)  බිබිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.