IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මුදල් ඔට්ටුවට කැට ගසා අයෙක් මරුට


 
 
(දයාරත්න ඇඹෝගම)
 
මුදල් ඔට්ටුවට කැට ගැසු පිරිසක් අතර  ඔට්ටුව බේරා ගැනීමට යාමේදී ඇතිවු ගැටුමක් දුර දිග ගොස් 54 හැවිරිදි පුද්ගලයකුට පොලු වලින් පහරදී ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු අද (16)  සේනපුරදී අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.                                              

මෙසේ පොලු වලින් පහරදී ඝාතනය කර ඇත්තේ මැදගම,නිකදලුපොත,වැල්ලව යන ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩි.ප්‍රේමසිරි (54) නැමති පුද්ගලයෙකි.                                          

මෙම පුද්ගලයා වැල්ලව ප්‍රදේශයේ සිට සේනපුරට පැමිණ එම පළාතේ පදිංචිව කුලී වැඩ කරන්නෙකි.                                               
ඔහු වේදිනිගම ප්‍රදේශයේ නිවසක ගෙමිදුලේ පැවති කැට ගැසීමේ ක්‍රිඩාවකට එක්ව සිටි බව පොලිසිය කියයි.                           

මුදල් ඔට්ටුවට කැට ගැසු අතර, එහිදි ඔට්ටුවක් බේරා ගැනීමට ගිය අවස්ථාවේදි ඇතිවු ආරවුලින් කෝපයට පත් කැට ගැසිමේ නිරතව සිටි තරුණයන් අතරින් තිදෙනෙකු මෙම පුද්ගලයාට පොලු වලින් පහරදී ඇතැයි පොලිසිය කියයි.                      

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා සේනපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව  මිය ගොස් තිබිණි.                          
සිද්ධිය සම්බන්ධයෙන් සේනපුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.                        
සැකකරුවන් අද (16) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

මුදල් ඔට්ටුවට කැට ගසා අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1018 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site