
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ලෝලුවාගොඩ නිදහස් වෙළෙද කලාපයේ සේවය කරන අය අතරින් අහඹු ලෙස තෝරාගත් 100ක් දෙනා අද(31) කෝවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් පී.සී. ආර් පරීක්ෂණයට ලක් කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
ලෝලුවාගොඩ වෙළෙඳ කලාපයේ සියලු ආයතන නියෝජනය වන පරිදි අහඹු ලෙස සේවකයින් අතරින් මෙම පිරිස් තෝරා ගෙන පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බව එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
විවිධ පෙදෙස්වලින් වෙළෙද කලාපයේ සේවය සඳහා පිරිස් පැමිණෙන හේතුව මත මෙම පරීක්ෂාව සිදු කරනු ලබන්නේ කිසියම් ආකාරයකින් කෝවිඩ් 19 කොරෝනා රෝගය පැතිරයාමෙන් වළක්වා ගැනීම අරමුණු කරගනිමිනි.
කෝවිඩ් 19 උවදුරෙන් ජනතව ගලවා ගැනීම සඳහා මේ අන්දමට ඉදිරියේදී හදිසි පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු කෙරෙන අතර පරීක්ෂණයට ලක් කළ අයවලුන්ගේ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ඉදිරි පියවර ගැනීමටද නියමිතය.
ලෝලුවාගොඩ කොට්ඨාස මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී. රෝහණ මහතා මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අතර මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සෙසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද මේ සඳහා දායකත්වය ලබාදුන්හ.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මීරිගම නිදහස් වෙළඳ කලාපයේ 100කට පීසීආර් පරීක්ෂණ
Darshana Sunday, 02 August 2020 05:40 AM
නියම වැඩක්