IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප

(උපාලි ආනන්ද)

මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා , උප සභාපතිවරයා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අට දෙනෙකු  දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද (1) නියෝග කළේය.

මිහින්තලේ ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන කේ.ඞී උපාලි ආනන්ද මහතාට  අතින් පයින් සහ යකඩ පොලූ වලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පිරිස අනුරාධපුර පොලිසියට බාර වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප නියම කරනු ලැබූවේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න , උප සභාපති ලලිත් එදිරිසිංහ සහ මන්ත්‍රීවරුන් වන අජිත් සේනාධීර , රුක්මන් සේනාධීර , ජයරත්න  මෙන්දිස්, චමින්ද සම්පත් දිසානායක, මාධව ලක්රාජ් සහ ආර් ඒ නිපුන මධුශංඛ  රණසිංහ යන මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මිහින්තලේ පොලිසිය සඳහන් කළේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන උපාලි ආනන්ද නැමැති තම පියාට මිහින්තලේ වේලන්කුලෙමිදී  පිරිසක් පහරදී තුවාල සිදු කර ඇති බව පවසමින් වෘත්තියෙන් පාසල් කාර්යාල  කාර්ය සහයකයෙකු වන දුලාන් මදුසංඛ යන අය ඉකුත්  29 වන දා  මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.

අදාල පහරදීම සිදු කළේ ලාල් සෙනවිරත්න , ලලිත් එදිරිසිංහ අජිත් සේනාධීර  , රුක්මන් සිරිසේන , ජයරත්න මෙන්දිස්  චමින්ද සම්පත් දිසානායක , මාධව ලක්රාජ් සහ නිපුන මධංසංඛ රණසිංහ යන අයවලූන් බවද අදාල පැමිණිල්ල මගින් තවදුරටත් සඳහන් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය එම අවස්ථාවේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කළ බවද පැවසීය.

ඒ වන විටත් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි සැකකරුවන් අද නීතිඥයින් මාර්ගයෙන් අනුරාධපුර  පොලිසියට බාර වී ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව ඇති බව කියන උපාලි ආනන්ද නැමැති ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (0)

මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site