IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මා ඔයේ තිබී හමු වූ සිරුරු දෙකෙන් එක් සිරුරක් හඳුනාගනී

(රොහාන් කුමාර දිසානායක)

අලව්ව මා ඔයේ තිබී හමු වූ නාදුනන තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු වලින් එක් අයෙකුගේ දේහය අද (04) කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ දී ඥාතීන් විසින් හඳුනාගෙන ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.

හඳුනාගෙන ඇති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා වරකාපොල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් උපාලි රණසිංහ මහතාගේ නියෝග මත කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් විවෘත තීන්දුවක් ලබා දුන් අතර පසුව ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ඥාතීන් විසින් හඳුනාගත් තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි භාතිය ද සිල්වා  නැමති 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අලව්ව මහ පාලම ආසන්නයේ මා ඔයේ නාදුනන මළසිරුරු දෙකක් තිබෙන බවට වරකාපොළ පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ 03 සවස මෘත දේහයන් මා ඔයෙන් ගොඩගෙන තිබේ.

මියගොස් සිටි අනෙක් තරුණයාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

මේ වෙනවිට හඳුනානොගත් තරුණයාගේ දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර දේහය හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

 



අදහස් (0)

මා ඔයේ තිබී හමු වූ සිරුරු දෙකෙන් එක් සිරුරක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site