එන්. ආරච්චි      

 

මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියේ සැකකරුවන් 20 දෙදෙනා  දෙසැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (12) නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස මාවනැල්ල හා අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් අද  මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.