IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාවනැල්ලේ ප්‍රා. සභාව උණුසුම් වෙයි

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ලේ විශේෂ සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර අද (22) උණුසුම් වචන හුවමාරුවකින් පසුව ගැටුමක් ඇති විය.

පසුව සභාපතිවරයා විසින් සභාව විනාඩි 10 කට කල් තැබීමක් ද සිදු කරන ලදී.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාව එහි සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රාදේශීය සභා ගර්භයේදී රැස් විය.

එහිදි සභාපතිවරයා සභාව රැස්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සේවක වැටුම් ගෙවීම් මාවනැල්ලේ දැනට දැවෙන ප‍්‍රශ්නයක් බවට පත් වි ඇති කැලි කසල ප‍්‍රශ්නය වැනි දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් අනුමැතියක් ලබාගැනීමට විශේෂ සභාවයක් කැඳවු බවයි.

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභිකයන් විසින් මාවනැල්ලේ ජනතාවට සිදුවිය යුතු යුතුකමක් ඉටුකර ගැනීම වෙනුවෙන් සභාව එදින කැඳවු බව වැඩිදුරටත් අදහස් දක්වමින් කීය. එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය හැටියට කටයුතු කරන එජාපයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් පැවසුයේ මෙම කටයුතු වලට විපක්ෂය විසින් බාධා නොකරන ලෙසටයි. පසුගිය සභාවාර දෙකට වැඩි ප‍්‍රමාණයක් එලෙස බාධා කිරිම් මත කිසිදු අරමුණකින් තොරව අවසන් වු බවද සභාව හමුවේ පැවසීය.

එහිදි විපක්ෂ නායක පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී කේ.ජි. පියතිස්ස මහතා අදහස් දක්වමින් සභාව හමුවේ පැවසුයේ අද දිනයේ ඉදිරිපත් කර තිබුණු යෝජනා වලට විපක්ෂයේ විරෝධතාවයක් නොමැති බවයි. නමුත් අද දිනයේ හිටි හැටියේම සභාව කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධතාවය ප‍්‍රකාශ කරන බවයි. සතියේ වැඩ කරන දින දෙකකට කලින් විශේෂ සභාවක් පවත්වන්නේ නම් මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමක් සිදුකර සභාවක් පැවැත්විය හැකි බව  සභාව හමුවේ අදහස් දක්වමින් පැවසීය.

එහිදි සභාව උණුසුම් වු අතර සභාපතිවරයා විසින් අදහස් දක්වමින් පවසා සිටියේ අද දිනයේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත‍්‍රයේ පනත අනුව සභාව නිත්‍යානුකූලව කැඳවා ඇති බවයි. එහිදි එජාපයේ පුතුල උඩගම මන්ත‍්‍රීවරයාද අදහස් දක්වමින් සභාව නියමිත පරිදි පනතට අනුව කැඳවා ඇති බවත් විපක්ෂයට කවුරු හරි කෙනෙකු වැරදි මතයක් ලබා දි නොමඟ යවා ඇති බව සභාව හමුවේ අදහස් දක්වමින් පැවසීය.

එහිදි දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර එජාපයේ මන්ත‍්‍රී ඉස්මායිල් රීසා මහතා විසින් තම ආසනයෙන් ඉදිරිපිටට පැමිණ විපක්ෂ නායකවරයාට සහ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට අත දිගු කරමින් බැන වැදීම හේතුවෙන් සභාවේ ගැටුම ආරම්භ විය.

දැනට මාවනැල්ල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු ගණන 40 දෙනෙක් වන අතර එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීධූර 16 ක් හා විපක්ෂයට 16 ක්ද ශ‍්‍රීලනිප 5 ක් සහ ස්වාධීන පක්ෂ දෙකක මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයාද සිටිති.

සභාව මුලින් පිහිට විමේදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ සහ ස්වාධින කණ්ඩායම්වල මන්ත‍්‍රීවරුන්ගේ සහායෙන් එජාපයේ ආණ්ඩුවක් සභාවේ පිහිටුවා මේ වන තෙක් පවත්වාගෙන එන අතර අද වන විට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5 දෙනාගෙන් සිව් දෙනෙක් විපක්ෂය වෙනුවෙන් සහයෝගය ලබා දෙති.



අදහස් (0)

මාවනැල්ලේ ප්‍රා. සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site