(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල පොලිස් ස්ථානයේ රාත‍්‍රී ජංගම සංචාරය සඳහා යොදවා තිබූ කැබ් රථය අනතුරකට ලක් වී කොස්තාපල්වරයකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කඩුගන්නාව පදිංචි 48 හැවිරිදි පොලිස් කොස්තාපල් 42395 පියුම් කුමාර යන අයයි.
මාවනැල්ල පොලිසියේ කැබ් රථයේ පිටුපස නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් අංක එන්.ඩබ්ලිව්.එල්.ජි. 1915 දරණ ඉන්ධන ප‍්‍රවාහන බවුසර් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇත.
බවුසර් රථයේ රියදුරා මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd