ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
 
ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ඇතුළු  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත‍්‍රීවරු සියළුම දෙනා අද (14) ඉමදුව ප‍්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේ දී  වම් අතේ කළුපටි පැළඳ විරෝධය පළ කළහ.

දැනට රටතුළ පවතින මාධ්‍ය මර්දනයට, සමාජ වෙබ් අඩවි අවහිර කිරීමට, රටේ පවතින අනාරක්ෂිත තත්වයට එරෙහිව ඔවුහු මෙලෙස විරෝධය දැක්වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දෙදෙනා වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මහත්වරු කළු සාටකයක් ගෙලේ පැළඳගෙන සභාවට පැමිණියහ.

ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම  අද (14) සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉමදුව ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේ දි පැවැත්විණි.