IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාතලේ බලකඩුව මාර්ගයක් අසළ මළ සිරුරක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)
 
මහනුවර-යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ බලකඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී වයස අවුරුදු 48 පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් අද(20) සොයාගත් බව මාතලේ පොලිසිය පවසයි.
 
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිරුර සොයාගත් බවද, කළ පරීක්ෂණයේදී මළ සිරුරේ තුවාල කිහිපයක් පවතින බවද, මළ සිරුර අසළ යතුරුපැදි හිස් වැසුමක්  තිබී සොයාගත් බවද පොලිසිය පවසයි.
 
මිය ගිය තැනැත්තිය අංක 21/23 විහාර මාවත, සුදුහුම්පළ, මහනුවර ලිපිනයේ පදිංචි තැනැත්තියක බවට ඇයගේ හැඳුනුම්පතෙහි සඳහන් වී තිබූ බව පොලිසිය කියයි.
 
මෙම මරණය රිය අනතුරකින් සිදුවුවක්ද නැතහොත් වෙනත් ස්ථානයකදි ඝාතනය කර මෙම ස්ථානයට මළ සිරුර රැගෙනවිත් දමා ගොස් ඇත්ද යන්න පිළිබඳව මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මාතලේ බලකඩුව මාර්ගයක් අසළ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site