(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්කය පුරා ඇති අලිමංකඩ ඇහිරීමෙන්, වන අලින්ට තම වාස භුමිය තුළ සැරිසැරීමට ඇති ඉඩකඩ සිමා වී ඇති නිසා අලි-මිනිස් ගැටුම් උග්‍රවීමෙන් ග්‍රාම සේවා වසම් 30කට වැඩි ප්‍රමාණයක පදිංචිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගැෆෙක් ශ්‍රී ලංකාහි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.
මාතලේ දඹූල්ල, ගලේවෙල, ලග්ගල, නාඋල, විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එම ග්‍රාම සේවා වසම්වල ජනයාට තත්වය උදා වී ඇති බවද ජයතිස්ස මහතා සඳහන් කරයි.
මේ වන විට දඹුල්ල රිදී බැඳිඇල්ල අලිමංකඩ, දිගම්පතහ, සීගිරිය, හබරණ මාර්ගයේ අලිමංකඩ සහ කළුගඟ, සුදුකන්ද අලිමංකඩවල් අවහිරවීමෙන් අලින්ගේ සාම්ප්‍රදායික මාර්ග වෙනස්වීම නිසා, අලින් ජනයා වෙසෙන පැති ඔස්සේ ගමන් කිරීම මීට හේතුව බවද ඔහු පවසයි.
තවද මොරගහකන්ද සහ කළුගග ජලාශ ව්‍යපෘතීන් ඉදිකිරීම නිසා වස්ගමුව ගිරිතලේ සහ මින්නේරිය වනාන්තර හා අභයභූමිවල අලිමංකිඩ අවහිරවීමද මීට බලපා ඇති බවද ගාමිණි ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
විල්ගමුව, ලග්ගල, දඹූල්ල, නාඋල ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අලි තර්ජනය දැඩි වශයෙන් බල පා ඇති බවත් මේ වන විට අනෙකුත් ප්‍රදේශවලට අලින් සංක්‍රමණය වන බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
වන අලින් ගම්මානවලට කඩා වැදීම නිසා ජන ජීවිතය මෙන්ම ගොවිතැන් ද සම්පුර්ණ වශයෙන් අඩාල වී ඇති බවත් මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බවත් ගාමිණ ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ ග්‍රාම සේවා වසම් 30ක ජනයා අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට