
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් සහ විවිධ කටයුතු සදහා අක්කර 11,000ක් එළිපෙහෙළි කර ඇති බව මාතලේ ග්‍රාම අභිවෘද්ධි පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් පරිසර කමිටු රැස්විමට එක්වෙමිනි.මාතලේ අතිරේක මහ දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වු ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ මොරගහකන්ද සහ කළුගග ජලාශ සදහා විශාල වශයෙන් කැලෑ එළිපෙහෙළි කර ඇති බවත්, මේ තත්වය මත මාතලේ දිස්ත්‍රික්කයේ පවතින වන ගහනය අඩුවෙමින් පවතින බවත්ය.
මේ වන විට මාතලේ,යටවත්ත,උකුවෙල,රත්තොට වැනි ප්‍රදේශවල වියළි කලාපීය ලක්ෂණ දක්නට ලැබෙන බවත්, වියළි කලාපවල වෙසෙන සතුන් ද මේ ප්‍රදේශවලින් හමුවන බවත්, දේශගුණික විපර්යාසන්යට ලක්වෙමින් ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd