IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි

(දිලීප් ජයසේකර)
 

සුරියවැව හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා මවුආර වනජීවි නිලධාරීන් එක්ව තණමල්විල උඩවලව පාරේ පිහිටි මවුආර ප්‍රදේශයේ කළ වැටලිමකදි අද(29) අලුයම මවුආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ පවත්වාගෙන ගංජා හේන් දෙකක් සොයා ගැනීමට සමත් වී තිබේ.
 
මවුආර වනජීවි රක්ෂිතය තුළ රහසිගතව ගංජා හේන් පවත්වාගෙන යන බවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලීම කර තිබේ.
 
 අක්කර කාල බැගින් පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකෙහි, අඩි දෙකහමාර හා එකහමාර ප්‍රමාණයේ ගංජා ගස් 10,185ක් ගලවා ගිනි තබා විනාශ කර ඇත.වැටලීම සිදුකරන අවස්ථාව වන විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරුවන් සොයා විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
 
හේන් දෙකෙන් ලබා ගත් ගංජා පැළ සාම්පල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මවුආර අඩවි වන කාර්යාලය වෙත බාර දී තිබේ.
 
සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරික්ෂක අනුර රණසිංහ,උප පොලිස් පරීක්ෂක ජයවර්ධන,පොලිස් සැරයන් (366)සිරිවර්ධන,පොලිස් කොස්තාපල් (37654)අබේරත්න,මවුආර අඉවි වන නිලධාරී නන්දසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව මෙම වැටලීම කළහ.



අදහස් (0)

මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site