( රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබූ කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි මරදම්කුලම් වැවෙහි වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැලිකොට්ට ගැසීමට පියවර ගෙන තබේ.
ඊයේ ඇරැඹි මෙය අද (02) දිනයේදීද ක්‍රියාත්මකය.
කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අදහසකට අනුව 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම මහතාගේ මගපෙන්විම මත 652 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා මහතාගේ අධික්‍ෂණයෙන් 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙසේ මරදම්කුලම් වැව බැම්ම ආරක්ෂා කිරීමට වැලි කොට්ට ගැසීමට පියවර ගෙන තිබේ.




2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරදම්කුලම් වැව් බැම්මට ආරක්ෂක හමුදාව වැලි කොට්ට අසුරති