IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මනුෂ්‍ය ඝාතනයකට අයෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)
 
 මාස දෙකකට ඉහතදී දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
  
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තරන් නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන  සුනිල් අබේරත්න නැමැති ලෙනදොර ප්‍රදේශයේ ම පදිංචි තිදරු පියකු බව පොලිසිය කියයි.
 
 පසුගිය වෙසක් මස විසි එක් වන දින මුගුරකින් පහරදී පුද්ගලයෙකු මියගොස් තිබූ අතර එම ඝාතනය කළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකිව තිබිණි. එසේ මියගොස් තිබුණේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ සහෝදරයෙකු වූ අජිත් අබේරත්න නැමැති අයෙකු බව පොලිසිය පැවසීය

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාමේන්ද්‍ර ලක්ෂමණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මාස දෙකක පමණ කාලයක් මෙම ඝාතනය පිළිබඳව සැක හිතෙන ස්ථාන සොයා සිවිල් ඇඳුමෙන් සැරසී විවිධ කරුණු කාරණා ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිට තිබේ. ඒ අනුව ඉතා සූක්ෂම ලෙස අනාවරණය කරගත් කරුණු රැසක් පදනම් කරගෙන  ඒ වනවිටත් නිවසේ කිසිදු සැකයකින් තොරව ජීවත් වූ මියගිය අයගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සහෝදරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සියලූ තොරතුරු හෙළ කර ගැනීමට හැකි වූ බව මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. එදිරිසිංහ මහතා පැවසීය.
 
මියගිය පුද්ගලයා විරුද්ධව  දිවයිනේ පොලිස් ස්ථාන කීපයකම  පැමිණිලි රැසක් ලැබී තිබෙන අයෙකු බවත් එයින් වැඩි හරියක් ලැබී ඇත්තේ වයසක කාන්තාවන් සහ  බාලවයස්කාර දැරියන් හට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන් බව පොලිසිය කියයි. එමෙන්ම ප්‍රදේශ කිහිපයක ම ගවගාවල බැඳ සිටින එළදෙනුන් සඳහාද ලිංගික හිංසා කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පසුගිය  මැයි මස විසි එක් වන දින මෙම අයියා සහ මල්ලී එකට මත්පැන් පානය කොට ඇති වූ අඩදබර දුරදිග ගොස් පොල්ලකින් පහර දී තම සහෝදරයා ඝාතනය කළ බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.
 
පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එ. පී. එදිරිසිංහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමේන්ද්‍ර  ලක්ෂමණ මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මනුෂ්‍ය ඝාතනයකට අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site