(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මැසි මදුරුවන්  බෝවෙන ආකාරයට නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 16දෙනෙකුට රුපියල්  24,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ  වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එම්.රෆික් මහතා අද (07) නියෝග කළේය.

එක් නිවෙස් හිමියෙකුට රුපියල්  1,500 බැගින් මෙලෙස දඩ  නියම විය. මෙසේ දඩ නියම වූයේ බලන්ගොඩ  නගරය අවට  පදිංචි නිවෙස් හිමියන්  පිරිසකටය.

බලන්ගොඩ  සහකාර ⁣පොලිස් අධිකාරි දුමිදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි  මෙම නිවාස පරිශ්‍ර පරීක්ෂා කෙරිණි.

ඒ  අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානය පවත්වාගෙන ගිය අයට එරෙහිව නඩු පවරා බලන්ගොඩ වැඩ බලන  මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම විය.