(අනීෂා මානගේ)
විදෙස් රටවල්වල නිෂ්පාදිත මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් නිවෙසේ ගබඩා කළ බව කියන වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙකු අද (15) අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
වීරකැටිය බැදිගම තිරාවල ප්‍රදේශයේ නිවෙසක් වැටලීමේදී එම නිවෙසේ ගබඩා කර තිබී බියර් කෑන් 839 ක්, ඕල් ඇරෑක් බෝතල් 20 ක්, ජින් බෝතල් 3 ක්, වයිට් රම් බෝතල් 18 ක්, රෙඩ් රම් බෝතල් 3 ක්, වයිට් ගොෂිප් බෝතල් 4 ක්, බ්ලැක් ගොෂිප් බෝතල් 4 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මවගේ නිවසේ තිබියදී බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා රන් අම්මණ්ඩිගේ බඩු.