(ටී.කේ.ජී.කපිල)
මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියකු අද (19) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයා 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි, ප්‍රකාශයට පත් කර තීරු බදු ගෙවා ගමන් මලු රැගෙන යන රක්ත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
එහි රුපියල් 8,642,150 ක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබී ඇත. ඒවායේ මුළු බර ග්‍රෑම් 864.215ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd