IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මංකොල්ලයකට සැරසුණු දෙදෙනෙක් ගිනි අවි - ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                             
            
මහා පරිමාණ මංකොල්ලයකට සැරසෙමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩයක් හා රුපියල් 300,000කට ආසන්න මුදලක්ද  සමඟ අද(26) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
            
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොබෙයිගනේ හා තණමල්විල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
            
කුලියාපිටියේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක‍්‍රීය ටේලර් යන්ත‍්‍රයෙන් මුදල් ලබාගන්නා පාරිභෝගිකයින්ගෙන් මුදල් කොල්ලකන බවට ලද තොරතුරු මත කුලියාපිටිය පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතුව හැසිරුණු මෙම පුද්ගලයන්  දෙදෙනා සමඟ අංක තහඩු අපැහැදිලි යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන්ගේ බෑගයක තිබී ගිනිඅවියක් ද කළු පැහැති අත්වැසුම් වැහි කබා, මුහුණු ආවරණ හා විවිධ වාහනවලට අයත් යතුරු ද පොලිසිය සොයාගෙන ඇත.
 
සැකකරුවන් මීට ඉහතදී රුපියල් කෝටි හතරක මංකොල්ලය හා රුපියල් ලක්‍ෂ 75ක කොල්ලයට අදාළ කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිටත් පවතින නඩුවලට අදාළ සැකකරුවන් බවද අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
            
ඔවුන් පැමිණි යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර තිබී ඇතිබව ද පොලිසිය සොයාගෙන ඇත.
            
සැකකරුවන්, ගිනි අවිය සහ මුදල් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.



අදහස් (0)

මංකොල්ලයකට සැරසුණු දෙදෙනෙක් ගිනි අවි - ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site