
(සිරංගිකා ලොකුකරවිට)
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරු දෙදෙනකු අද දින ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණ සිටියේ නැත.
අයවැය ලේඛණය බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඩඩ්ලි ඩන්ස්ටන් මහතා සහ හුසේන් කියාස් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට පක්ෂ වූ හුසේන් කියාස් මහතා පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් අබේසේකර මහතා, රංගනී කුමාරි මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඉන්දික විජේවික්‍රම මහතා සහ අනිල් බන්දුතිලක මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ.යූ.ජී.යසරන්ත මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එක්සත් ජාතික පක්ෂයේ, ශාමිකා අතුකෝරල සහ ටෙක්ලා ශ්‍යාමලී ගීගනගේ යන මන්ත්‍රීවරියන් සභාවට පැමිණ සිටියේ නැත.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝපෙ පෝද්දල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි