IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සරසවි සිසුන් තිදෙනෙක් මරුට

අජිත්ලාල් ශාන්තඋදය, බලන්ගොඩ විශේෂ වයි.ඒ.එස්.වීරවංශ, රාස්සගල සමිපත් ප්‍රියනන්දන  සහ බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක 
බළන්ගොඩ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙක් අද (10) උදෑසන 10.30ට පමණ පහන්තුඩා වළට පහළ කොටසේ දී දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇතිබව සමනල වැව පොලීසිය කියයි.

මෙලෙස  මියගොස්  ඇත්තේ  සබරගමුව  විශ්වවිද්‍යාලයේ   භු විද්‍යපීඨයේ  තුන්වෙනි වසරේ   ඉගෙනුම  ලබමින්  සිටි  විසි  හතර  සහ විසි පස්  වයසේ  සිසුන්  බව  පොලිසිය  කියයි.මෙම සිසුන්  යාපනය  ප්‍රදේශයේ  පදිංචි  කරුවන්ය.

මියගිය සිසුන් තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂය සඳහා බළන්ගොඩ මූලික රෝහලට ගෙනගිය බව ද පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කෝපාලි ක්‍රිෂ්ණන් සාරංගන් (25) - නල්ලූර්, සෙල්වරත්නම් තිසාන් (25) - චුන්නාක්කම් සහ සරවනබවන් කෝවින්ද්සාර් (23)  - වඩුක්කෝඩෙයි යන අයයි.


මියගිය සිසුන් තිදෙනා තවත් කිහිප දෙනෙක සමග දිය නෑම සඳහා අද (10) උදෑසන බෙලිහුල්ඔයේ පහන්තුඩා වළට පහළ කොටසට ගොස් ඇති අතර එහිදී ඔවුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි. දියට වැටුණු තිදෙනා ගොඩට ගෙන පඹහින්න ග්‍රාමීය රෝහලට ගෙනෙන විටත් මියගොස් තිබූ බව ද පොලීසිය පැවසුවේය.
 

සිසුන් හත්දෙනකු ගෙන්යුතු කණ්ඩායමක් අද වැනිදාපෙරවරුවේ පහන්තුඩා ඇල්ලේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.

සමනල වැව පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩබ්. කේ. බී. ලෝරන්ස් මහතා සිද්ධිය පිළිබඳව මෙසේවිස්තර කළේය.”

සිසුන් 7දෙනෙක් දිය නෑමට ගොස් තිබෙනවා. සිද්ධිය වෙලා තියෙන්නේ පෙරවරු 10.45 ටපමණ.

එක් පිරිමි ළමයෙක් පහන්තුඩා වළේ ගැඹුරුකොටසේ පීනමින් සිට තිබෙනවා. එම කොටසෙන් කුඩා දිය පහරක් පහළට ගලනවා. කණ්ඩායමේ 5 ක් එම ගල්මත වාඩිවී සිට ඇතිඅතර කෙනෙක් ගොඩ සිට තිබෙනවා. එක් වරම ජල පහර වැඩි වී එහි සිටි පස්දෙනාම වලට වැටී සුලියට කැරකෙමින් සිටියදී පිහිනමින් සිටි සිසුවා අනිත් අය බේරාගන්නට උත්සාහ කර තිබෙනවා.

එවිට තිදෙනකු ගිලී තිබෙනවා“

ප්‍රදේශ වාසීන්ගේ ද සහය ඇතිව පොලිස්  ජීප්‍ු යෙන්මරෝහලට ගෙනගියත්ඒවන විටත්ඒසිසුන් අතරින් 3 ක්මියගොස් තිබෙනවා.“යනුවෙන්පැවසීය. මේසම්බන්ධයෙන් ව්ශ්වව්ද්‍යාලයයේ උපකුලපතිමහාචාර්ය එම්. සුනිල්සාන්තමහතා කීවේඑමඅවාසනාවන්ත සිද්ධිය දැනගන්නට ලැබුණු බවත් සිරුරු දැනට බලන්ගොඩ මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබෙන බව හා සිසුන්ගේ දෙමව්පියන් දැනුවත් කරහෙට දිනයේ සිරුරු බාරදීමට නියමිත බවත්ය.

සමනලවැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලෝරන්ස් ප්‍රනාන්‍දු මහතාගේ උපදෙස් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය සරසවි සිසුන් තිදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site