
(අනීෂා මානගේ)
බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබූ, ගිනි අවි සහ පතුරොම් තොගයක් සමඟ පුද්ගලයකු අද(20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි.
සොයාගත් අවි සහ පතුරොම් අතර, බෝර-12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර-12 ජීව පතුරොම් 6ක්, ටී-56 ජීව පතුරොම් 31ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව පතුරොමක්, වර්ගය හඳුනා නොගත් ජීව පතුරොමක් සහ සුදු යකඩ කිණිස්සක් වූ බව නිලධාරීහු කියාසිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd