IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ සැරයන්ට සිරදඬුවම්

(උපාලි ආනන්ද)

වයස  අවුරුදු 14 ට අඩු බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි හිටපු පොලිස් සැරයන්වරයකු වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු  සහන් මාපා බංඩාර මහතා ඔහුට  වසර 14 කුත් මාස 6 ක  බරපතල වැඩ සහිත සිර දඬුවමක්  අද (14) නියම කළේය.

ඊට අමතරව පැමිණිලිකාර දරුවාට මුදලින් රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඩුවමකටද විත්තිකරු යටත් කෙරිණි.

මෙසේ දඩුවම් නියම වූයේ මහියංගනය සොරබොරවැව පදිංචි ආර් එම්  ජයරත්න බංඩාර නැමැති හිටපු පොලිස් සැරයන්වරයකුටය.

මෙම පොලිස් සැරයන්වරයා සක‍්‍රීය පොලිස් සේවයේ යෙදී සිටින අතරතුර මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ වීමෙන් පසුව ඔහු පොලිස් සේවයෙන් ඉවත් කර ඇත මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ  පැවැති අතර වැඩිදුර විභාගය සදහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.



අදහස් (0)

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ සැරයන්ට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site