(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

පිහියකින් ඇන  සිය බාප්පාට බරපතල  කැපීම් තුවාල  සිදු  කළ සැකකාර  පුතෙකු  අගෝස්තු (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (18) දා   නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලද්දේ බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුණයකි. 

කිතුල් මල් මදින  තියුණු පිහියකින් මෙම ඇනුම කර ඇති බව පොලිසිය කියයි.
 
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයා  පහරකෑමට ලක්ව  තුවාල  ලබා ඇති අතර, ඔහු දැනට  බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.