(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල දකුණු කැඹිල්වෙල ප්‍රදේශයේදී අද (17) මැතිවරණය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල සහ දියතලාව මූලික රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල දකුණු කැඹිල්වෙල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු මෙසේ බණ්ඩාරවෙල සහ දියතලාව මූලික රෝහල්වලට ඇතුළත් කර ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා දේශපාලන පක්ෂ දෙකක පුද්ගලයින් දෙදෙනෙකු වන අතර එක් පුද්ගලයෙකු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම නිසා අනෙක් පුද්ගලයාට විහිළු කිරීම හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමකදී මෙම පහරදීම සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd