(කේ.බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන - කොට්ටාව මාර්ගයේ බෙරුකැටිට ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් අද (29) සවස සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහයකයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පැවසීය.
අනතුරින් රියදුරු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේය.
මහරගම සිට හොරණ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පිටුපස ලොරි රථය ගැටී ඇති අතර ලොරි රථය ගැටුණු ප්‍රදේශයේ වාඩි වී සිටි ලොරි සහයකයා මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.