(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බස්රථ අනතුරකින් මරණයට පත් වූ දෙදරු මවකගේ දේහය ඔසවාගෙන පැමිණි පිරිසක් අද (09) සවස පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ.
පසුගිය සිකුරාදා සවස කොට්ටුකච්චිය 10 කනුව මංසන්දියේ උපකාරක පංතියක සිටි දරුවා රැගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව කොට්ටුකච්චිය දෙසට ගමන් කරමින් සිටියදී එම දිශාවටම ගමන් කළ පුත්තලම කුරුණෑගල ලංගම බස් රථයක පාපැදිය ගැටී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව ඇය එදින රාත්‍රීයේ මරණයට පත්ව ඇත. තුවාල ලැබූ දරුවාගේ දිවි ගැලවී තිබුණි.
මෙම අනතුරින් මරණයට පත් වූ කාන්තාවගේ ඥාතීන් ,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් අද සවස අවසන් කටයුතු සඳහා දේහය කොට්ටුකච්චිය පොදු සුසාන භුමියට රැගෙන එන අතර තුර පුත්තලම කුරුණැගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී දේහය ඔසවාගෙන විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවති තිබුණි.
මාර්ගය වසා විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව දේහය රැගෙන කොට්ටුකච්චිය සුසාන භුමිය වෙත ගමන් කළේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි වන අයුරිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හොදයි. වැරදි හිතාමතා නොකරයි. අතපසුවිම් සිදුවිය හැකිය. අවධානයෙන් හා ඉවසිමෙන් කටයුතු කිරිමෙන් වැරදි අවම කර ගත හැකිය. රියදුරන් කලබල විම මෙවැනි අනතුරු සිදුවීමට හේතුවයි.