IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බස් රථයට යටවී මියගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන පිරිසක් විරෝධතාවයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
බස්රථ අනතුරකින් මරණයට පත් වූ දෙදරු මවකගේ දේහය ඔසවාගෙන පැමිණි පිරිසක් අද (09) සවස පුත්තලම කුරුණෑගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ.
 
පසුගිය සිකුරාදා සවස කොට්ටුකච්චිය 10 කනුව මංසන්දියේ උපකාරක පංතියක සිටි දරුවා රැගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි මෙම කාන්තාව කොට්ටුකච්චිය දෙසට ගමන් කරමින් සිටියදී එම දිශාවටම ගමන් කළ පුත්තලම කුරුණෑගල  ලංගම බස් රථයක පාපැදිය ගැටී ඇත.
 
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව ඇය එදින රාත්‍රීයේ මරණයට පත්ව ඇත. තුවාල ලැබූ දරුවාගේ දිවි ගැලවී තිබුණි.
 
මෙම අනතුරින් මරණයට පත් වූ කාන්තාවගේ ඥාතීන් ,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් අද සවස අවසන් කටයුතු සඳහා දේහය කොට්ටුකච්චිය පොදු සුසාන භුමියට රැගෙන එන අතර තුර පුත්තලම කුරුණැගල මාර්ගය කොට්ටුකච්චිය ප්‍රදේශයේදී දේහය ඔසවාගෙන විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවති තිබුණි.
 
මාර්ගය වසා විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව දේහය රැගෙන කොට්ටුකච්චිය සුසාන භුමිය වෙත ගමන් කළේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි වන අයුරිනි.



අදහස් (1)

බස් රථයට යටවී මියගිය දෙදරු මවගේ දේහය පාරේ තබාගෙන පිරිසක් විරෝධතාවයක

අමිල දයාසිරි Friday, 13 September 2019 02:26 AM

මිනිස්සු හොදයි. වැරදි හිතාමතා නොකරයි. අතපසුවිම් සිදුවිය හැකිය. අවධානයෙන් හා ඉවසිමෙන් කටයුතු කිරිමෙන් වැරදි අවම කර ගත හැකිය. රියදුරන් කලබල විම මෙවැනි අනතුරු සිදු⁣වීමට හේතුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site