රංජිත් කරුණාවීර

රන්දෙනිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා ගමන් කරමින් තිබූ පාසල් ලංගම බස් රථයක් අද (25) පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

අනතුරින් බසයේ ගමන් ගත් පාසල් දරුවන් 11 ක් හා මගීන් 4 ක් තුවාල ලබා මොරයාය ග්‍රාමිය රෝහල හා මහියංගන මුලික රෝහල යන රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අනතුරට ලක්වූ බස් රථය උඩුදුම්බර ඩිපෝවට අයත් බස් රථයකි. බස් රථයේ රියදුරු පවසන්නේ රෝදය දෙසින් ලොකු ශබ්දයක් පැමිණි බවත් එවිට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට ගිය බවයි.

අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්  පරීක්ෂණ පවත්වයි.