(කාංචන කුමාර ආරියදාස)
බලපත්‍රයක් නොමැතිව මී ගවයන්, කිරිදෙනුන් ඝාතනය කරමින් සිටි පුද්ගලයන් 9 දෙනකු ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ මස් මඩුවක දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය කළ ගවයන් 16 දෙනකුගේ මස්, ඝාතනය කිරීමට සූදානම් කර තිබූ කිරිදෙනුන් දෙදෙනෙකු සහ එළ ගවයෙකු ද එහිදී පොලිසිය සොයාගෙන ඇත.
අනුරාධපුර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත අනුරාධපුර දිසා දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් ගල්කිරියාගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ පිහිටි ගවමඩුවක් වැටලීම සිදුකර තිබේ.
පොලිසිය එම ස්ථානයට යනවිටත් ඝාතනය කිරීමට තහනම් කිරිදෙනුන් මී ගවයන් 16 දෙනෙකු එම ස්ථානයේ ඝාතන කර තිබුණු අතර තවත් කිරිදෙනුන් දෙදෙනෙකු සහ ගොන් වස්සෙකු ඝාතනය කිරීමට මස් මඩුවේ බැඳ තිබිණි.
පොලිසිය මෙම මස් මඩුවේ සිටි පිරිසගෙන් සතුන් මැරීම සඳහා බලපත්‍ර තිබේදැයි විමසීමේදී ඔවුන් සතුව කිසිවක් නොතිබුණු බව පොලීසිය කියයි. මෙම මස් ඝාතකාගාරය කැකිරාව ප්‍රාදේශීය සභාවේ අනුමත ස්ථානයක් බව පොලීසිය කියයි.
පොලිසිය වැටලීමට යන අවස්ථාවේදී ස්ථානයේ සිට පැන ගිය පුද්ගලයකු ලුහුබැඳ පොලීසිය අත්අඩංගුවට ගැනිණි. එම ස්ථානයේ ජාවාරම සිදුකළ ව්‍යාපාරිකයාද ස්ථානයෙන් පලා ගොස් තිබුණු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත් ඇති නැති වෙනස කුමක්ද? ඝාතනය ඝාතනයක්මයි.