(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බලපත්‍ර නොමැති ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අද (01) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.
වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය ලද තොරතුරකට අනුව නිලධාරීන් එම ප්‍රදේශයේ රැකවල් ලා සිට සැකකරු ගිනි අවියද සමඟ කැලෑවේ ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සිදම්බරපුරම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද(01) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd