(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් පුද්ගලයකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(13) නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ, බලන්ගොඩ කල්තොට මාර්ගයේ පදිංචි තවුල් හමිඩ් මොහාමඩ් හකිෂ් මොහිදීන් නැමැති (48) පුද්ගලයකුටය.
බලන්ගොඩ අඩවි වන නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (11) මෙම වැටලීම මහෝගනී දැව තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම විය.
බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් , බීක්කු වන නිලධාරි ඩී. පී. වර්ෂ විතාන, බීක්කු වන නිලධාරි ඩබ්ලිව්. ඒ. අබේගුණවර්ධන සහ වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් එන්. පී. රෝහණ යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
624
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ළඟ තබාගත් අයෙකුට දඩ