(ප්‍රියානි මංගලිකා )
බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකින් තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
නිකවැරටිය ප්‍රධාන මාර්ගයේ අලුයම් කාලයේ ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නිකවැරටිය කරකොලේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකරු සහ අදාල නඩු භාණ්ඩ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නිකවැරටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd