
(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, මරේ තේ වතුයායේ, “ෆොරස්ට්” කොටසේ තේ දළු නෙළමින් වතු කම්කරුවන් පිරිසකට අද (10) ප.ව. 01.00 ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 06 දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතළත් කළ බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
තුවාල ලැබූ කම්කරුවන් අතර කාන්තාවන් 05 දෙනෙක් හා පිරිමි අයෙක් සිටින බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
තේ වතුයායේ මාර ගසක අත්තක බැඳ තිබූ බඹර කූඩුවකට උකුස්සකු විසින් පහර දීමෙන් ඇවිස්සුණු බඹරුන් තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd