(රංජිත් රාජපක්ෂ  )                     

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (21) දින පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
 
බගවන්තලාව පොලිස් වසමට අයත් හෙල්බොඩ වතුයායේ පහළ කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම නිසා බඔර කූඩුව ඇවීස්සී තිබේ.
 
එයින්   වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකුට සහ වතු කම්කරුවන් 4 දෙනෙකුට තුවාල සිදු වී ඇත.
 
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලටත් සෙසු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත්  කර  තිබේ.
 
බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.