(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වමට අයත් ලින්ස්ටඩ් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන්, තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (21) ඇතුළත් කර ඇත.
තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ වතු කම්කරු කාන්තාවන් 11 දෙනෙකු රෝහල වෙත ඇතුළත් කර ඇත.
උකුස්සෙකු තේ වත්තේ විශාල ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹර වදයක් කඩා ගැනීම හේතුවෙන් ඇවිස්සුණු බඹරු ඇන ඇතැයි කම්කරුවෝ කීහ.
තේ වතුයායේ වැඩ කරන වතු කම්කරුවන්ට දිගින් දිගටම බඹරු ඇනීම වැඩි බැවින් බැඳ තිබෙන බඹර කූඩු විනාශ නොකර බඹරුන් එම ස්ථානවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් බිඟු සම්පත සුරකීමේ සංවිධානය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්නා ලෙස වතු අධිකාරීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද බගවන්තලාව පොලිසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.