(පාලිත ආරියවංශ)
 
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණ සැරයන්වරයාට තර්ජනය කළ බව කියන සැකකරුවකු  ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය.
 
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේදී  ඊයේ(11) පදිකයන් සිවුදෙනෙකු හා යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කරමින් රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
සැකකරු අද  අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ, ඉදිරිපත් කළ ඇප ඇයැදුමට එරෙහිව අධිකරණ සැරයන්වරයා කරුණු සැළකළේය. කෙසේනමුත් සැකකරු ඇප මත මුදාහැරීමට  මහේස්ත්‍රාත්වරයා  නියෝගකළේය.
 
ඉන්පසු විත්තිකරුවන් රඳවා තිබෙන කූඩුවේ සිටම  තමාට මරණීය තර්ජන එල්ලකළැයි බදුල්ල පොලිසියේ අධිකරණ  රාජකාරි කරන සැරයන්වරයා විසින් මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කරන ලදී.
 
එය විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එම සිද්ධිය සඳහා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකළේය.