(ඩී.කේ.රත්න)
බදුල්ල රත්වත්ත මාවතේ හෝටලයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (22) සවස සොයා ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල රිදීපාන ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු ලෙස සේවයේ නියුතු පෙරම්බලම් සිවසාමි අජන්තන් නැමති 37 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම පුද්ගලයා අද (22) හවස 2.00 ට පමණ මෙම හෝටලයට පැමිණ කාමරයක් කුළියට ගෙන එම කාමරයේදී වස පානය කර මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ වනවිට මියගිය පුද්ගලයාගේ මතෘ දේහය බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd