(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම හිරණ ප්‍රදේශයේ කන්කුන් කොටුවකට මුත්‍රා කිරීමේ සිද්ධියක් මුල් කරගෙන වෑන් රථයකින් පැමිණි පිරිසක් ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළ පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර ගම්වාසීන් සිව්දෙනෙකු හා වෑන් රථයේ පැමිණි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් කලුබෝවිල , පානදුර සහ බණ්ඩාරගම රෝහල් වල ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.
පහරදීමට යොදා ගත් යකඩ පොලු දෙකක් සහ බංකුවක් පොලිස් බාරයට ගෙන ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd