IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පොල්ගසකින් ඇදවැටී අයෙක් මරුට


(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පොල් ගසක්  කපන්නට ගසට නැග, එහි මැද හිඳිමින් ඉහළ කොටස කපද්දී, එම කොටස එකවරම බිමට ඇද වැටීම නිසා දෙදරීමට ලක් වූ  පහළ කොටසේ රැඳී සිටි පුද්ගලයා බිමට ඇද වැටී අද (19)  ජීවිතක්ෂයට පත්ව ඇතැයි  කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට, පාලාගම, දේරුක්උන්න පදිංචි  කුලහීනගේ ජයරත්න රුද්‍රිගු නම් (60) දෙදරු පියකු බව පොලිසිය කියයි.

වෘත්තියෙන් ගස් කපන්නකු වන  මොහු අද (19) සවස, පොල් ගස මිලයට ගත් පුද්ගලයාද සමග මෙම ඉඩමට පැමිණ ඇති අතර, එහිදී ගසට නැග, පළමුව එහි කරටිය කපා ඉවත් කොට, ගසෙහි  ඉහළ කොටස කඹයක ආධාරයෙන් කැපීම සඳහා ගසෙහි මැද රැඳී සිට ඇතැයි පැවසේ.

එහිදී කපමින් සිටි ගසෙහි ඉහළ කඳ එකවරම බිමට කඩා වැටීම නිසා දෙදරීමට ලක් වූ පහළ කොටසෙහි රැඳී සිටි මෙම පුද්ගලයා බිමට ඇද වැටී යාබද කබොක් ගලක හිස වැදී බරපතළ තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

සිද්ධිය වාර්තා වීමත් සමග කහතුඩුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර, ඒ පිළිබඳව  කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතාට වාර්තාකර ඇත.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී හෙට (20) සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

පොල්ගසකින් ඇදවැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 973 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2579 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site