(රංජිත් රාජපක්ෂ)

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැඳ තිබෙන විශාල බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී අද(17)ට යෙදී තිබූ අළු බදාදා පූජාවට සහභාගී වීමට එහි පැමිණි කිතුණු බැතිමතුන් පිරිසකට ඇන ඇතැයි දේවස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දේව මෙහෙයට සහභාගි වු 7 දෙනෙකුට පමණ මේ හේතුවෙන් තුවාල ලැබූබවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් ඔහු පැවසීය.

ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සහ තද සුළං තත්ත්වය හමුවේ බඹරුන් ඇවිස්සී ඇත.

පිරිසට බඹර ඇනීමත් සමඟ පුජාවට පැමිණි පිරිස දේවස්ථානය තුළට රැගෙන දේවස්ථානයේ සියලුම දොර ජනේල වසා දමා පුජාව පැවැත්වීමට එම දේවස්ථානය බාර පියතුමන්ලා කටයුතු කර තිබේ.

ප්‍රධාන පාසලක් , හැටන් දුම්රිය ස්ථානය යාබදව පිහිටි මෙම දේවස්ථානයේ මිට ප්‍රථම අවස්ථා කිහිපයකදී බඹර කුඩූ බැද තිබූ බවත්, එම බඹර කුඩූ ඉවත් කිරිමෙන් පසු මීට සතියකට පෙර අලුතින් බඹර කුඩුවක් දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැද ඇති බව එම දේවස්ථානයේ පුජාවට පැමිණි බැතුමතුන් කියා සිටියේය.