(ඩී.කේ.රත්න)
උමා ඔය ව්‍යාපෘතියේ පුහුල්පොල ජලාශයේ වේල්ල මතින් තමන්ගේ ගම්බිම්වලට ගමන් කිරීමට එක පවුලකට එක අවසරපතක් ලබාදීමට ගත් තීරණයට අද (09) සවස ප‍්‍රදේශවාසීහු විරෝධය දැක්වූහ.
වේල්ල මතින් තම ගම්බිමිවලට යාමට ඉඩ නොදුනහොත් සිකුරාදා දින ජලාශයේ ජලය පිරවීමට ඉඩ නොදී උද්ඝෝෂණයක නිරත වන බවද ඔවුහු පැවසූහ.
ප‍්‍රදේශයේ ගම්මාන රැසක 6000 ක පමණ පිරිසක් මෙම වේල්ල මතින් තම ගම්මාන කරා පිවිසෙන අතර මෙම වේල්ලේ ජලය පිරවීමත් සමඟ එක පවුලකට එක බැගින් අවසර පත් ලබාදීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් ප‍්‍රදේශවාසීන්ට අවසර පතකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස පවසමින් ප‍්‍රදේශවාසීහු විරෝධතාවයේ නිරත වූහ.
ලබන 11 වැනි සිකුරාදා දින පුහුල්පොල ජලාශයේ ජලය පිරවීමට නියමිත අතර මේ පිළිබඳව ජනතාව දැණුවත් කිරීම සඳහා ඉහළ කොටවෙර ප‍්‍රජාශාලවේදී මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද රැස්වීමක් පැවැත්විය.
මෙහිදී මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් ප‍්‍රකාශ කළේ මහජනතාවගේ හා වේල්ලේ ආරක්ෂාව සඳහා ඒ මතින් ගමන් කිරීමේදී ප‍්‍රදේශයේ ජනතාවට අවසරපතක් ලබා දෙන බවය.
මෙහිදී මෙම ප‍්‍රකාශයත් සමඟම සභාව දැඩිලෙස උණුසුම් වූ අතර එම කටයුත්ත සඳහා කිසි සේත් ඉඩ නොතබන බව ප‍්‍රදේශවාසිහු පැවසූහ.
2025 නොවැම්බර් මස 04
217
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුහුල්පොල වේල්ල මතින් ගමන් කිරීමට එක් අවසර පතක් ලබාදීමේ තීරණයට විරෝධය