
(සිරංගිකා ලොකුකරවිට, සුසිල් ප්‍රියන්ත සහ දීපාල් ද සිල්වා)
කොරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙනුවෙන් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (18) ජනතා අයිතියට පත්කරන ලදී.
ගෝනාපීනුවල පදිංචි ආර්.කේ.කුලතිස්ස මහතා (87) සහ එම මහත්මිය (86) විසින් තම ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කර මෙම වාට්ටුව ඉදිකර තිබේ.
දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති එය රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.
ගෝනාපීනුවල දී උපත ලද කුලතිස්ස මහතා තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන අතර ඉන්ධන පිරවුම් හල්, පුවත්පත් බෙදාහැරීමේ ආයතන, සිල්ලර වෙළෙඳ සැල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාර ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ.
පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ සමඟ මේ ව්‍යාපාර දියුණු කළ හෙතෙම ව්‍යාපාරවලින් උපයාගන්නා ධනය පොදු කටයුතු සඳහා වැය කරයි.
මෙම රෝහල ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ ආර්.කේ.කුලතිස්ස මහතා මෙසේ කීවේය.
“මම දැන් ව්‍යාපාරකටයුතු වල යෙදුනත් ඒක වෙනත් අයට භාරදීලා තියෙන්නේ. ගොඩක් ආගමික වැඩ කටයුතු වලටම මුදල් යෙදෙව්වා. ඒ වගේ ම මගේ ලොකු ආසාවක් තිබුණා රෝහලක් හදන්න. ඒක තිස්ස මහාරාමයේ කරන්න හදනවිට පවුලේ අනිත් අයගෙන් ඉල්ලීමක් තිබුණා ගමේ රෝහලේ වාට්ටුවක් හදන්න කියලා. මගේ ආසාව තිබුණේ ළමා හා මාතෘ වාට්ටුවක් හදන්න. ඒ සඳහා තමයි ආර්.කේ.කුලතිස්ස සුව සෙවණ හැදුවේ.
නමුත් දැන් සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කළා මේ වාට්ටුව කොරෝනා රෝගීන්ට දෙන්න කියලා. මොනවා වුණත් ලෙඩ්ඩු ඇතුළු කරන්නනේ දෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ කඩිනමින් මේක භාර දෙනවා. තට ටිකක් අඩුපාඩු තියෙනවා. කොරෝනා වසංගතය ඉවරවුණාම නැවත ඒ අඩුපාඩු ටික අපි සම්පූර්ණ කරලා ළමා හා මාතෘ වාට්ටුව්ක් මෙහි ඇතිකරන්න කටයුතු කරනවා.”
මෙම ගොඩනැගිල්ල විවෘතකිරීමේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරච්චිකන්ද රෝහලට කොරෝනා වාට්ටුවක්