IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයින් රවටා මුදල් ගැරූ අයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට

(චමිල් රූපසිංහ)
 
විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක 100කට අධික පිරිසක් රවටා රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අද  (14) අත්අඩංගුවට ගනු ලැබීය.
 
මල්වතු මහනායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමක් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මාස කිහිපයක් විමර්ශනය කිරීමෙන් පසු සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
 
නම් ගණනාවකින් පෙනී සිටි ඇති මෙම සැකකාර පුද්ගලයා  මල්වතු මහනාහිමියන් ලෙස හා අක්ෂි ශල්‍ය විශේෂඥවරයෙකු, ඉංජිනේරුවරයෙකු, විශ්ව විද්‍යාල ආචාර්වරයෙකු ලෙසද පෙනී සිට ඇති බවත් මෙම සැකකරු මහනුවර,මහරගම,කඩවත අනුරාධපුර,ගාල්ල,මාතර, ,වත්තේගම,තෙල්දෙණිය ආදි ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවද පොලිස් විමර්ශන වලදි තහවුරු වි ඇත.

මොහු 2016 සිට පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත් යුරෝපීය රටවල් සහ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා මල්වතු මහනාහිමියන් සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් ගිණුම් කිහිපයකට මුදල් ගෙන්වාගෙන තිබෙන බව ද පොලිස් පරික් ෂන වලදි අනාවරණය වි ඇත.
 
සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත් තොරතුරු මත පොලිස් නිලධාරියෙකු ජපානයේ රැකියා අවස්ථාවක ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සැකකරු හා සම්බන්ධ වී තිබෙන අතර  දික්කසාදව සිටින කාන්තාවන් හා මිතුරුකම් ගොඩනගාගෙන ඔවුන්ගේ ගිණුම් වලට මෙම මුදල් ගෙන්වාගෙන තිබෙන බවත් එවැනි කාන්තාවන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර ඔහු අත්අඩංගුවයට ගෙන ඇත.
 
ඉඩම් විකිණීම සඳහා පුවත්පත් වල පලකරන දැන්වීම් බලා ඒවාහි අංක වලට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස හා  මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බව කියමින් මෙම පුද්ගලයා එම පුද්ගලයින්ට කතාකර තිබෙන බවද පොලීසිය පැවසීය.
 
 
ඉඩම් හිමියන් අමතා  ඉඩම පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු තමන් යුරෝපීය රට වලට මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේද සහය මත පුද්ගලයින් යොමුකරන බව දන්වා  සැකකරු ඔවුන් වංචාවට හසු කරගන්නා බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.
 
සැකකරු ග්‍රාම නිලධාරීන්ද නොමඟ යවා 1979 වර්ෂයේ උපන් බවට වෙනත් නමකින් ජාතික හැඳුනුම්පතක්ද සකස්කරගෙ ඇති අතර රැකියා අවස්ථා ලබා ගැනීමට කැමැති වන පුද්ගලයින්ට මොහු විශේෂ පෝරමයක් යොමුකර ඔවුන්ගේ තොරතුරු,ජාතික හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ගෙන්වා ගෙන තිබේ.එම ජාතික හැඳුන්ම්පත් වල ඡායාපිටපත් උපයෝගිකර ගනිමින් ඔවුන්ගේ නම් වලට සැකකරු දුරකතන සිම්කාඩ් මිලට ගෙන ඇති බවද පොලිස් පරික්ෂන වලදි තහවුරු වි ඇත.
 
සැකකරු සමග සිම් කඩ්පත් 22 ක් හා ජංගම දුරකතන 07 ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර ප්‍රථමික අධ්‍යපනය පමණක් ලබා තිබෙන සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටිකරයක් සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් පරිහරණය කර ඇති අතර එයද පොලිස් භාරයට ගැනිමට . මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය සමත් වි ඇත
 



අදහස් (0)

පුද්ගලයින් රවටා මුදල් ගැරූ අයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site