(ඩී. ජී. සුගතපාල)
තම පුතු විදුලි ඉස්ත්‍රික්කයෙන් පිළිස්සීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (24) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබීය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක්ද විත්තිකාරියට නියම කර ඇත.
මෙසේ දඬුවම් නියම වූයේ මොහොමඩ් උනයිස් ෆාතිමා සිෆානා නමැති විත්තිකාරියකටය.
ගාල්ල වරාය පොලිස් වසමේදි 2013 අප්‍රියල් 12 වන දින තම සය හැවිරිදි පුතුට හිංසා කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd