(නිමල් ලන්දගේ)
දික්වැල්ල ප්‍රදේශයේ දී සිය නිවස ඉදිරිපිට මිදුලේ තිබූ වයෝවෘධ කාන්තාවකගේ පිළිස්සුණු සිරුරක් අද ( 24) හමුවූ බව දික්වැල්ල පොලිසිය පවසයි .
මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගහවත්ත පදිංචි 83 හැවිරිදි ලොකුහැන්නදිගේ හීන්නෝනා නැමැති කාන්තාවකි.
නිවසේ ඉස්තොප්පුවේ කෙටි තාප්පයක් මත ලීටරයේ හා ලීටර් භාගයේ පතුලේ භූමිතෙල් යැයි විශ්වාස කළ හැකි දියරයක් අඩංගු බෝතල් දෙකක්ද කුඩා කුප්පි ලාම්පුවක් ද තිබූ අයුරු සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම මරණ සියදිවි හානි කර ගැනීමක් ද පිළිබඳ පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 83 ක් කියන්නේ සියදිවිහානි කරගන්න තරම් ප්‍රශ්නයක් ඇතියි කියලා හිතාගන්න අමාරුයි නේද.?