(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය කුඩා බිබුල ප්‍රදේශයේදී  තම පියා පැදවූ ලොරි රථයකට යට වීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු  මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .

මියගිය දරුවාගේ සිරුර මේ වන විට වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.

අද  (20) සවස මෙම අනතුර සිදුවී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.